දිගුකල් සැරදේවා පෙතියාගොඩ
බොදු විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා ........
පාසල් මව්නි උතුම්
ඔබ පා සෙවෙණේ විදු නැණ ලබමින්
දැය සනසන්න සදා
ජය දද නංවන්නට හැකි වේවා
පතුරා ජය ඝෝෂා
සතර දැනුම ලැබ නැණ බල වඩවා
ලොව එළි කල වියතුන්
සේ අප ඇස කන මුවඟ දෑස සවි
කල මැන විදු මෑණී
දිගුකල් සැරදේවා...
ගාමිණි ගජබා මහ පැරකුම්බා
ලක ජය දද නැංවූ
ලෙස එළි බල අප හට දෙනු මැන ඔබ
විදුහල් මෑණි උතුම්
විදුහල් මවගේ නාමය රකිමින්
කිතු ගොස පතුරාලා
යහ ගුණ පිරි දරු කැලක් ලෙසින් අපි
පුදනෙමු මුතු පළඳා
දිගුකල් සැරදේවා...
සැරදේ සැරදේ සැරදේවා
විදුහල් මෑණි උතුම්






